Skip to main content

Posts

අනනුකූල භූමි පරිහරණයේ ප්‍රතිවිපාකයන්

 අනනුකූල භූමි පරිහරණයේ ප්‍රතිවිපාකයන් භූමි පරිහරණය කිරීමේදී පවතින භමිය විවිධ ක්‍රියාදාමයන් භාවිතය නිසා එම ප්‍රදේශයේ දීර්ඝ කලක් පැවතගෙන ආ ස්වාභාවික පරිසරය ට, ජනයාට, ජනාවාස පද්ධතියට, සතුනට, අහිතකර ප්‍රතිඵල ඇති කරමින් භූමි පරිහරණයක් සිඳුවන්නේ නම් එය අනනුකූල භූමි පරිහරණ රටාවකි. මෙහිදී එම අනනුකූල භූමි පරිහරණයන් නිසා ඇතිවී ඇති ප්‍රවිපාකයන් ලංකාවේ ප්‍රධාන භූමි පරිභෝජන ක්‍රියාවලියක්  ඔස්සේ විමසා බලමු. උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය ලංකාවේ ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘති අතර ප්‍රධාන තැනක් ගනී. දකුණු පළාතේ පානීය ජල ගැටලුව විසදීම, ජල විදුලි උත්පාදනය, ගංවතුර පාලනය එම ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණු වූ අතර මෙම ව්‍යාපෘතිය හේතු කොට ගෙන බදුල්ල දිස්ත්‍රීක්කයේ විශාල අයහපත් ප්‍රතිවිපාකයන්ට ලක් වීමට සිදු විය. පාරිසරික බලපෑම් තක්සේරැව නොගැනීම ව්‍යාපෘතියේ ඇතිවන අයහපත් ප්‍රතිවිපාකයන් ගැන අවධානය යොමු නොවීමට ප්‍රධාන සාධකය විය. ජල පෝෂක ප්‍රදේශයක ඉදිකල ඩයරබා හා පුහුල්පොළ ජලාශ ඉදිකිරීම තුළ පස සෝදා යාමේ ගැටලුවටත් ඒවා ජලාශ වල තැන්පත් වීම මෙහි එක් ප්‍රධාන ගැටලුවකි. ඩයබරා වේල්ල ස්ථාන ගත වී ඇත්තේ ලංකාවේ නායයාම් සිතියමහි ප්‍රබල
Recent posts

පැබ්ලෝ පිකාසෝ

පැබ්ලෝ පිකාසෝ   20 වන සියවසේ විසූ චිත්‍ර ශිල්පියෙකි. වස්තූන් තුළ පවත්නා ඝනික ස්වාභාවය හඳුනා ප්‍රකාශනය කිරීම මේ තුළින් සිදුවේ. මොහුගේ සිතුවම් අතර වර්ණ අනුව යුගයන්ට අයත් සිතුවම් හඳුනාගත හැක.  නිල් යුගය රෝස යුගය නීග්‍රෝ යුගය සම්භාව්‍ය යුගය එම යුග වලට අයත් සිතුවම්ය. පීඩාකාරී සිත් තැවුල් නිසා ඇතිවූ දුක්මුසු වේදනාකාරී චිත්තවේගී ස්වභාවය තුළින් සමාජය යථාර්තය තේරැම් ගැනීමට පිකාසෝ ගත් උත්සාහය මේ තුළින් පෙන්වයි. දුක් පීඩාවන්ට ලක් වූ අය පිකාසෝගේ චිත්‍ර වල ප්‍රධාන මාතෘකාව  විය. ජන සමාජයේ කුරිරැ විශමතාවය සිතුවම් කිරීමට පිකාසෝට අවශ්‍ය විය. දුක්මුසු තේමාවන් ස්මතුවන ලෙස චිත්‍ර නිර්මාණය  කර ඇත. ඒ සඳහා නිල් වර්ණය බහුලව යොදාගත් නිසා නිල් යුගයේ සිතුවම් ලෙස හදුන්වයි. රෝස යුගයට පිවිසෙන්නේ නිරැවත් "ගැහැනුන් දෙදෙනා"   නැමැති චිත්‍රය තුළිනි. චිත්‍රය තුළ වස්තු විශය මතුකර දැක්වීමේදී ගුණය අඩු වී හැගීම් ප්‍රකාශනය ප්‍රබල සලස මතුකරලීම වස්තුවක ස්වභාවය නිර්මාණශීලීව හා භාවාත්මකව දැක්වීම මෙම යුගයේ හදුනා ගත හැක. සැල්ටින් බර්නැක් පවුල ගෝලය මත සමබරව සිටින දැරිය නීග්‍රෝ යුගයේදී අඟ පසග අතිශයොක්තියෙන් යුතුව විකාර රෑප

තාත්තා

තාත්තා විශ්වයේ ජීවන ගෙත්තමට වියන්නට නිබඳවම කැප වුන සියලු සැප සම්පත්ම සොයමින ලබා දෙයි නිති තම දරැවනුන් හට නමුදු ඔහු ලද සැපතක්ම නැත සරීරය දිය වී ගොසින් අද  ගෙවුනු අතපය  ගොරෝසුවටම තිබෙන දුක මහංගමින් මට  අද තනයි ලොව මට පා නගන්නට

කුමාරතුංග මුනිදාසයන්ගේ "දොරට වැඩුම"

      කුමාරතුංග මුනිදාසයන්ගේ "දොරට වැඩුම" කුමාරතුංග මුනිදාස සිංහල සාහිත්‍යයේ අභිවෘර්ධිය සඳහා මහත් දායකත්වයක් සැපයූ සාහිත්‍යකරැවෙකි.ගුරුවරයෙකු, අභ්‍යාසවිද්‍යාලාධිපතිවරයෙකු පාඨශාලා පරික්ෂකවරයෙකු වශයෙන් සේවය කළ මෙතුමා පැරණි පොත පත මූලික කර ගනිමින් සාහිත්‍ය නිර්මාණ අරඹන ලදී. මෙතුමාගේ නිර්මාණ අතර ශික්ෂා මාර්ගය හත්පණ මගුල් කෑම හීන්සැරය පිය සමර කුමාර ගීය නැළවිල්ල කවි ශික්ෂා විරිත් වැකිය හෙළ මියැසි කිහිපයකි. කුමාරතුංග මහතා ළමා කවි නිර්මාණය සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. ළමයින්ට යෝග්‍ය සරල බස, මනාව පෙළ ගැස්වූ වදන් උචිත උපමා භාවිතය, එළිසමය තුළින් ගීත නිර්මාණ ඔප් නංවා ඇත. මෙහි ඉදිරිපත් කර ඇත්තේ ⁣එතුමා විසින් චිත දොරට වැඩුම කාව්‍ය නිර්මාණයයි.ජන කවි රීතිය ඔස්සේ ඔප් නංවා සරල භාෂා භාවිතයෙන් නිර්මාණය කර ඇත. උදෑසන මැ කිම ඉර                    අද කුරැළු ගෙදර මඟුලෙක්             වෙද  සුභ මොහොතක් ළඟ යැ     නොමඳ යව රැස් ම⁣ට පළමු                    විහිද මඟුල කිමද එ තැන               පැවති කුරැලු පැටව් දොරට               වඩිති මා එන තෙක් බලා                 ඉදිති යමි යමි ඉක්මන් කැරැ              යමි ක

කැලුම් ශ්‍රීමාල්ගීත රචනා වල විශේෂතා

කැලුම් ශ්‍රීමාල්තගේ ගීත රචනා වල    ලක්ෂණ   කැලුම් ශ්‍රීමාල් වර්තමානයේ ජනප්‍රිය පුද්ගලයෙකි. ගීත රචකයෙකු නිවේදකයෙකු ක්‍රීඩා විචාරකයෙකු ලෙසස මෙතුමා මහත් ජනප්‍රියත්වයට පත්ව ඇත. මෙතුමාගේ ගීත කලාවේ පවතින මෙතුමාට ආවේනික ගීත නිර්මාන ක්‍රමවේදය පිළිබඳව  අවධානය යොමු කරන විට මෙතුමා අතින් නිමැවූ ගීත රැසක් පවතී.ඒ අතර, හිතුවක්කාරයි නුඹනම් සොදුර........ ඔබ ඇපල් මලක් වාගේ.......... පෑදි දියේ ඔබෙ නිර්මල හදවත......... සමාවෙලා මට කියන්නන......... හෙවනැල්ලටවත් පාඩුවෙ ඉන්නට......වැනි ගීත ලාංකික ගීත කලාව ආක්‍රමණය කළ ගීත නිර්මාණ වේ. මෙතුමාගේ ගීත රචනා වල ලක්ෂණ  පිළිබඳවව අවධානය යොමු කරන විට මෙතුමා තෝරාගත් ගීත නිර්මානවල තේමා විවිධත්වයක් සහිත බව හඳුනාගත හැක. ⁣ප්‍රේමය මාපිය සෙනෙහස දේශප්‍රේමී හැගීම් විවාහ දිවියේ සුන්දරත්වය විවාහ දිවියේ කටුකත්වය මහලු විය මෙතුමාගේ ගීත රචනා සඳහා ප්‍රධාන තේමා බවට පත් විය. මෙතුමාගේ ගීත තුළ නිනිර්මාණශීලී අමුතු ආරයක ගීතාත්මක පද ගැලපීමකින් යුතු නම්‍යශීලී නැවුම් වචන භාවිතයක් කර ඇති බව හදුනාගත හැක. ඔබ ඇපල් මලක් වාගේ.... ලස්සන නිලියේ....... සඳ සාක්කි කියාපුදෙන්...... නිදසුන්ය. එසේම භාෂා  භාවි

පී.බී.අල්විස් මහතාගේ "මගේ රට"

පී.බී.අල්විස් මහතාගේ "මගේ රට"   කොළඹ යුගයේ දීප්තතිමත් කවියෙකු වූ අල්විස් පෙරේරා අගනුවර තරුන කවි සමාජයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කලේය.ලිහිල් බසින් කවි තැනීම අතර මෙතුමා ප්‍රමුඛස්ථානයක් ගනී. මෙතුමා අතින් රචිත මගේ රට නැමැති කවි⁣පෙළින් අපූව ජාතිකාභිමානී හැගීම් ඇති කරවයි. රටේ ස්වාභාවික සෞන්දර්ය වර්නනා කරමින් මගේ රට හරහා අපූර්ව කවි පෙලක් නිමවා ඇත. පෙර දිග ලෝකයෙ බබලන මුතු          ඇටය පණ ඇති මහා සමුදුර පවුරෙන්             වටය හෙල දිවයින ⁣මගෙයි මා ඉපදුණ            රටය ලොව අන් සියලු දිවයින් මේකට          යටය මහවැලි- කැළණි - වලවේ-කළු යන      ගංඟා සමනල කන්ද මුදුනේ සිට පැන           නැංගා බෑවුම් තැනිතලා හෙල් අතරින්              රිංගා මේවා ගලයි මිණිකැට දිය යට               හංගා උණුසුම සිසිල සහ අතරෙහි සම         ගුණය ඇති අන් රටක් නැත, මගෙරට ඇති    තැනය මුව ,මී ගෝන ඇත් සේනා යුතු            වනය පවසන්නේය මට ඇති ජාතික              දනය අගනා දුලබ වනමල් ගොමු ඇත         බැද්දේ තුරඅ මත කුරැල්ලන්ගේ සුමිහිරි           සද්දේ මීදුම් පටල පෙරවූ නිල් කඳු                මැද්දේ සීතල රිදී දියවැල් පහළට     

මිසර කලාව

මිසර  කලාව මිසරයේ කලා නිර්මාන අතර ගෘහ නිර්මාන, මූර්ති, කැටයම් හා චිත්‍ර කලාවට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි.මෙහි දක්වා ඇත්තේ එම ලෝක ප්‍රසිද්ධ  මිසර නිර්මාන කීහිපයකි. කුරැළු දඩයම මීඩම්හී පාත්තයෝ සී සෑම                                     මිදිකැඩීම                                    නෙපර්ටිටි රජ පවුල                                                                        අබුසිම්බල් දෙවොල

වෙස් මුහුණ කර්මාන්තය

                       වෙස් මුහුණ  කර්මාන්තය ලෝකයේ බොහෝ රටවල ප්‍රාග් කෘෂිකාර්මික  සමාජවල හා ප්‍රාග් ඓතිහාසික යුගවල වෙස් මුහුණු භාවිතය සිදුව ඇත. ජපානය, කොරියාව, ඉන්දියාව වැනි රටවල ජනතාව ප්‍රාග් කොළොම්බියානු  අස්ටෙක් හා ටොටොමැක් ගෝත්‍රිකයන්වැනි ගෝත්‍රික ජනතාවන් ආගමික පුද චාරිත්‍ර සහ කෘෂිකාර්මික  වතාවත් සෑදූ වෙස්මුහුණු භාවිතා කර ඇත. සතුන් බිය වැද්දීම හා පන්නා දැමීමට වෙස් මුහුණු කලාව භාවිතා කරයි. ශ්‍රී ලංකාවේ වෙස්මුහුණු  කලාව වෙස් මුහුණු නිශ්පාදනය සඳහා බහුලව "කදුරැ ලී" භාවිතා කොර්.පැරණි  ශිල්පීන් රැක් අත්තන ,එරබඳු වැනි ලී වර්ග භාවිතා කර ඇත. වෙස්මුහුණු වර්ග රජ මූණු, කෝලම් මූණු, රාක්ෂ මූණු, ( නාග රාක්ෂ , ගුරැළු රාක්ෂ ) සාන්ති මූණු , නව නිර්මාණ  මුහුණු වෙස්මුහුණු  නිෂ්පාදන මේ සඳහා අනුගමනය කරන පියවර කීපයකි. ඝන කැපීම පායම් පැහීම කිරිහිද වීම

ලාක්ෂා කර්මාන්තය

ලාක්ෂා කර්මාන්තය සම්ප්‍රධායික කර්මාන්ත අතර ලාක්ෂා  කර්මාන්තයට විශේෂ තැනක් හිමිවන නව කර්මාන්තයකි. ඈත අතීතයේ සිට ඉන්දියාව, තායිලන්තය, ජපානය, චීනය, ඉන්දුනීසියාව නැනි නැගෙනහිර ආසියාතික රටවල මෙන්ම ලංකාවේඳ පැවතගෙන ආ කර්මාන්තයක් බව පෙනෙයි. ක්‍රි. පූ 285 සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩමකල සූවිසි වැදෑරැම් ශිල්පීන් රැගෙන එන ලදී. මොවුන් අතර ලාක්ෂා  කාර්මිකයින් සිටි බව සනාත වේ. හෙළ රජ දරැවන් ලාක්ෂා  කර්මාන්තය සඳහා විශේෂ අනුග්‍රහයක් දක්වන ලදී. මෙම කාර්මිකයන් වෙනුවෙන් හංගිඩි වසම නමින් ප්‍රදේශයක් වෙන්කරබඒ සඳහා මුහන්දිරම් කෙනෙක් පත් කරන ලදී. ලාක්ෂා  කාර්මිකයන්ඊ වඩුවන් නමින් නම් කෙරැණි.  ලාක්ෂා  සකස්කරගන්නා අයුරැ ලාක්ෂා  කෘමීන් වාසය කරන කොන, කැප්පෙටියා, තලකිරියා, පිහිඹියා ,මසන්, හිඟුරඅ යන ආදී ශාකවල මෙම කෘමීන් වැඩිපුර බෝවේ. මෙම කෘමීන්ගේ ශරීරයෙන් පිටවන ලාටු වැනි ද්‍රව්‍ය අතුරිකිලිවල තැන්පත් වේ. එම අතු රිකිලි කපා වනේ දමා කොටා සිහින්ව කුඩුකර ගනී. නැවත ඒවා රෙදි පොට්ටනියක දමා ලිපට ඉහළින් එල්ලා රත් කරන විට ලාකඩ කෙදි මෙන් පහළට වැක් කෙරේ.ඒවා කූරක ආදාරයෙන් ඔතාගෙන අවශ්‍ය විට රත්කර නැවත ලබා ගනී.  ලාංකික ලාක්ෂා  කාර්මි

ඇබ්බැක්කේ ලී කැටයම්

ලී කැටයම් අතර ඇම්බැක්කේ දේවාලයට හිමි වන්නේ විශේෂිත ස්තානයකි.ජනප්‍රවාද අනුව ඇම්බැක්ක දේවාලය නිර්මාණය වූ බව සඳහන් වේ.  ක්‍රි. ව 14 වන සියවසේ තුන්වන වික්‍රමභාහු රජු සමයේ මෙම දේවාලය ඉදිකරනු ලැබීය.මහනුවර දිස්ත්‍රීක්කයේ උඩුනුවර ප්‍රදේශයේ මෙය පිහිටයි.කතරගම දෙවියන් උදෙසා නිර්මානය කරන ලද්දකි.මෙහි සුවිශේෂි බව නම් ලී කැටයම් සහ එහි වහලේ ඇති විශේෂත්වයයි. ගම්මාලු හා පිහිබියා දැවෙන් නිර්මාණය කළ මෙම අඟනා සියුම් කැටයම් හී නිර්මානශිල්පියා වන්නේ දෙල්ගොඩ මූලාචාරය. මෙම කැටයම් සියල්ල අල්ප උන්නතව නෙලා තිබේ. වාහල්කඩ මන්ඩපය, දිග්ගෙය ලී කණු , භාල්ක , යට ලී සහ පේකඩ යනස්ථාන සියල්ලෙහිම කැටයම් නිර්මිතය. එවක සමාජයේ ජන ජීවිතය ජන සංස්කෘතිය විදහා දැක්වෙන මෙම කැටයම් ලංකාවේ ලී කැටයම් අතුරින් සුවිශේෂි  බවක් හිමිකර ගනී.දිග් ගෙයි කනු 32කි. මේවාහ සතර දිසාවෙන් පනේල 4 බැගින් නිර්මානය වී තිබේ.එම පනේල මධ්‍යයේ කැටයම් නිර්මාණය විය. එසේම ප්‍රධාන කැටයමට අමතරව පනේල වටේටද අරිම්බුව , ගල් බින්දුව, පනාව, කුන්දිරික්කම්, වැනි සම්ප්‍රදායික සැරසිලි යොදා තිබේ.මෙවැනි පනේල කැටයම් 128කි. වාහල්කඩ මණ්ඩපයද කණු 10 ක් වන අතර එහිද කැටයම් 40කි. ලියවැල්

ඉසුරැමුනි පෙම් යුවල

 ඉසුරැමුනි  පෙම් යුවල අනුරාධපුර  ඉසුරැමුනි  විහාරයේ ඇති කැටයම් දේශීය අතීත කලා  නිර්මානයන්හී ඇති විශිෂ්ට  බාවය මනාව කියා පායි. ඉසුරැමුනියේ පෙම් යුවල  මිනිසා සහ අශ්ව හිස ඇත්රෑප කැටයම් ඉසුරැමුනියේ  රජ පවුල ඒ අතර වේ. මෙහිදී ඉසුරැමුනියේ පෙම් යුවල වඩාත් ජනප්‍රියත්වයට පත් වූ කලා නිර්මානයකි.මේ තුලින් එම කලා නිර්මාණය ගැන අවධානයට යොමු කරමු. ඉසුරැමුනියේ ගල් පුවරැවක දක්නට ලැබෙන මෙම පෙම් යුවල සිංහල ශිල්පියාගේ කලා කෞශල්‍යය විදහා පාන්නකි.අනුරාධපුර යුගයට අයත් තිසා වැව අසල රන්මසු උයනට අයත් තිසා වැව අසල රන්මසු උයනට දකුනු පැත්තෙන් පිහිටි විහාරායහි මෙම කැටයම් නිර්මාණය කර ඇත. ක්‍රිස්තු වර්ශ පස් වන සියවසට අයත්ය. දෙවන පෑතිස් රජු දවස කරවූ බව කියැවේ. ගුප්ත යුගයට අයත් බව සඳහන් වේ. පැතලි ගල් පුවරැවක අර්ධ උන්නතාකාරව නෙලන ලද්දකි.දිගින් අඩි තුනයි අඟල් එකකි. පළල අඩි දෙකයි අඟල් තුනකි. ජීවමාන ගතිය කදිමට පැහැදිලි කරන අතර කාන්තාව තුලින් නාරි ලාලිත්‍යයත් ලැජ්ජාවත් සමඟින් මතුවන සතුට එකට කැටි කොට පෙන්වීමට ඉසුරැමුනි  කැටයම් ශිල්පියා සමත් වී ඇත. පිරිමි රෑපයෙන් හැඩි දැඩි බවත් සතුටත් පෙන්වයි.මේ රෑප දෙකෙහි ඇති මුද්‍රා හෙවත් හිස

ප්‍රාර්ථනා .....(මහගම සේකර)

දෑතේ කරගැට සිඹ සනසනනට ළා ගොයම් දලු පවන් සලයි. දහදිය මුතුකැට මල් වරැසා වී කරල් බරින් පීදී වැගිරෙයි. අඩසඳ මෝරන මැදියම් අහසි බිළිඳු හදට කිරි දියර ගලයි. දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල යලි ඉපිදී ඇති ලක් දෙරණේ සත් රැවනින් නව නිදහන් මතු වී  පුතුගෙ සිනාවෙහි ඔප වැටුණේ දෑසේ කඳුළැලි පිසදා බලනෙමි හෙට හිරැ එළියට වඩින දිනේ නය නැතිබිය නැති නිවහල් යුගයක පුංචි පුතා රජ කරනු පෙනේ මා ගත වෙහෙසට ආදරයෙන් දිය උල්පත පාදන පුංචි පුතුන් ඒ ගත වෙහෙස ම සතුටක් වෙයි මට  ඔබ සිහිවන විට පුංචි පුතුන් දෙදහස් පන්සිය වසරක් තිස්සේ මා දුටු සිහිනය පුංචි පුතුන්ඔ ඔබ හට ලෝකය ඉදිකර දී මිස  යා නොහැකීයි මට පුංචි පුතුන්                මහගම සේකර (නොපළ ගීය)

අතීතයේ සිතුවම් සඳහා වර්ණ සකසාගත් අයුරැ

  අතීත⁣යේ සිතුවම් සඳහා වර්ණ සකසාගත් අයුරැ නිල් පාට-අවරිය පැලයෙන්( පැලෑටි) ලබාගෙන ඇත. නිල් පාට- අවරිය පැලයෙන්(පැලෑටි) ලබා⁣ගෙන ඇත. කහ පාට- ගොකටු ගසින් ලබාගෙන ඇත රතු පාට- සාදිලිංගම් අඹරා ලබාගෙන ඇත. සුදු පාට- (ඕදාත ධවල ක්ක්ෂීර ස්වේත හෙල) මකුළු මැටියෙන් ලබාගෙන ඇත. කළු පාට- පහන් දැලි භාවිතා කර ඇත. තෙළි තණ-පැරණි ශිල්පීන් කුඩා පින්සල් සාදා ගැනීමට භාවිතා කර ඇත. විශා පින්සල්  සාදා ගත්තේ වැටකෙයා මුල් නුග ආදී ගස්වල කොටස් වලිනි.මීට අමතරව සතුන්ගේ ලෝම මගින්ද පින්සල් සාදාගෙන ඇත. දොරණ තෙල්- පැරණි චිත්‍ර ශිල්පීන් දේශීය වර්ණ  මිශ්‍ර කිරීමට යොදාගෙන ඇත. ලින්සිට් ඔයිල්- තෙල් සායම් මිශ්‍ර කිරීම සඳහා භාවිතා කරන ලද. වලිච්චි ගෑම- (වයිති) වර්ණ බොහෝ නොවෙනස්ව තබා ගැනීම සඳහා චිත්‍ර මත ආලේප කරන වාර්නිස් වැනි ආලේපයකි. මොනෝ ක්‍රෝම්- එකම වර්ණයක ප්‍රභේද වලින් පමණක් අදින චිත්‍ර  මේ නමින් හැදින්වේ.ඒක වර්ණක චිත්‍ර නමින් මේවා වැදින්වේ. පොලික්‍රොම්- වර්ණ දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් භාවිතා කරඅදින චිත්‍ර  මේ නමින් හැදින්වේ.(බහු වර්ණ  චිත්‍ර) (තිලකරත්න දිගන්වෙල මහතාගේ ලංකා චිත්‍ර කලා ඉතිහාසය නම් කෘතියෙන් උපුටා ගන්නා ලදී)

ලියනාඩෝ ඩාවින්චි

                                                    ලියනාඩෝ ඩාවින්චි   ලියනාඩෝ ඩාවින්ලිචි ඉතාලියේ සම්භාව්‍ය පුබුදු යුගයේ බිහිවු කලාකරැවෙකි. මොහු 16 වන සියවස තුළ විසූ ශ්‍රේෂ්ඨ ශිල්පියෙක් වූවා පමනක් නොව නවතම මත ඉදිරිපත් කිරීමේ හා ප්‍රකාශ  කිරීමේ පුරෝගාමියෙක්ද විය. ලියනාඩෝ ඉතා කාර්යබහුල පුද්ගලයෙකු නිසා චිත්‍ර කලාව කෙරෙහි වැඩි කාලයක් ගත කිරීමට ඔහුට නොහැකි විය. යුගයේ වෙනත් ශිල්පීන් සමඟ සසඳන විට මොහු අතින් නිම වූ නිර්මාණ අතලොස්සකි. සංඛ්‍යාව කුඩා වුවද ඒ තුළින් සම්භාව්‍ය පුණර්ජීවන යුගයේ ප්‍රතිභාපූර්න ශිල්පියෙතු ලෙස කිරැළු පැලදීමට සමත් විය.  ලියනාඩෝලග් නිර්මාණ අතර " පර්වත මස්තකයේ දේව මෑණියෝ " (The virgin of the rocks) "මොනාලිසා" (Monaliza) "අවසාන භෝජන සංග්‍රහය" ( The last Supper) විශ්ව කීර්තියට පත් නිර්මාණයෝ වෙති. "පර්වත මස්තකයේ දේව මෑණියෝ" චිත්‍රය ලියනාඩෝගේ පුතිභාවේ මහිමය පිළිබිඹු කරන කදිම නිදසුනකි. ඉතා මුදු මොලොක් සුරතල් බවින් යුතු ළමා රෑ ඇදීමේ හැකියාව මෙන්ම ප්‍රසන්න සුකොමල අඟපසගින් යුතු කාන්තා රෑ ඇදීමේ හැකියාව ද ඩාවින්චි උපතින්ම ලද කුසලතාවෝ වෙති. ගල් ප

වර්ණ සිත්තම්

 

මවගෙන් පුතුට

ඇවිද යන්නට තණ නිල්ල දිග දග කරන්නට සිතු සිතූ තැන එපා පොඩි පුත දුරට යන්නට රකුසු වෙස්ගත් මිනිස්සුන් ඇත නුඹව බිල්ලට ගන්න මගෙ පුත අයිතියක් නැත අපට මේ ලොව ඇත්තෙ එය මිනිසාටමයි අද ඒ නිසා මගෙ පුංචි පුත නුඹ  නොරැවටෙනු  බොරැවකී ලොව අද මිනිසෙකුම මිනිසා තලන කල තිරිසනුන් වී ඉපදි අප හට  මිනිසාම සලකයිද මගෙ පුත ඒ නිසා නොරැවටෙන්න මගෙ පුත