අනනුකූල භූමි පරිහරණයේ ප්රතිවිපාකයන්
භූමි පරිහරණය කිරීමේදී පවතින භමිය විවිධ ක්‍රියාදාමයන් භාවිතය නිසා එම ප්‍රදේශයේ දීර්ඝ කලක් පැවතගෙන ආ ස්වාභාවික පරිසරය ට, ජනයාට, ජනාවාස පද්ධතියට, සතුනට, අහිතකර ප්‍රතිඵල ඇති කරමින් භූමි පරිහරණයක් සිඳුවන්නේ නම් එය අනනුකූල භූමි පරිහරණ රටාවකි.
මෙහිදී එම අනනුකූල භූමි පරිහරණයන් නිසා ඇතිවී ඇති ප්‍රවිපාකයන් ලංකාවේ ප්‍රධාන භූමි පරිභෝජන ක්‍රියාවලියක් ඔස්සේ විමසා බලමු.
උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය ලංකාවේ ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘති අතර ප්‍රධාන තැනක් ගනී. දකුණු පළාතේ පානීය ජල ගැටලුව විසදීම, ජල විදුලි උත්පාදනය, ගංවතුර පාලනය එම ව්‍යාපෘතියේ ප්රමුඛ අරමුණු වූ අතර මෙම ව්‍යාපෘතිය හේතු කොට ගෙන බදුල්ල දිස්ත්‍රීක්කයේ විශාල අයහපත් ප්රතිවිපාකයන්ට ලක් වීමට සිදු විය. පාරිසරික බලපෑම් තක්සේරැව නොගැනීම ව්‍යාපෘතියේ ඇතිවන අයහපත් ප්රතිවිපාකයන් ගැන අවධානය යොමු නොවීමට ප්‍රධාන සාධකය විය.
ජල පෝෂක ප්‍රදේශයක ඉදිකල ඩයරබා හා පුහුල්පොළ ජලාශ ඉදිකිරීම තුළ පස සෝදා යාමේ ගැටලුවටත් ඒවා ජලාශ වල තැන්පත් වීම මෙහි එක් ප්‍රධාන ගැටලුවකි. ඩයබරා වේල්ල ස්ථාන ගත වී ඇත්තේ ලංකාවේ නායයාම් සිතියමහි ප්‍රබල නායයාම් සහිත ස්ථානයකය. ටනලයෙන් බිංගෙය හාරා ඉදිරියට යන විට බංඩාරවෙල නගරයේ ජල උල්පත් සිදී පොළොවේ ජලය පහලට කාන්දු වූ පසු බංඩාරවෙල ගිලා බැසීමේ අවධානමකට ලක්ව ඇත. මෙය මානව ජනාවාස මෙන්ම ප්‍රදේශයේ සමස්ථ පරිසර පද්ධතියටම බලපෑම් එල්ල වන්නකි.
පල්ලෙපෙරැව, මකුළු ඇල්ල, එගොඩමඩ, වෙහෙරගල තැන්න ඉරිතැලීම් නිසා ජන ජීවිතයට බලපෑම් කර ඇත.එසේ ඉරිතැලීමට ලක් වන්නේ භූගත ජල මට්ටම පහළ ගොස් පොළොව වියලීම නිසා ඇතිවන තත්ත්වයක් මත යැයි පැවසේ. මේ අනුව පවුල් 4000 ක පමණ නිවාස බිත්ති පුපුරා යාම මෙම අනනුකූල භූමි පාරිභෝජනයේ බැරැරුම්බව පෙන්වා දේ. භූගත ජල මට්ටම පහළ යාම, ප්‍රදේශයේ ළිං ජලය සිදී යාම, පානීය හා පාරිභෝජන ගැටළු වැනි තත්ත්ව මතු වී ඇත.
මෙසේ ජල මට්ටම පහල බැසිම නිසා මෙතෙක් කල් එම ප්‍රදේශයේ පැවතගෙන ආ වගා කටයුතු සඳහා ජලය සපයා ගැනීමේ ගැටඵවට මිනිසුන්ට මුහුණ දීමට සිදුව ඇත.
ලංකාව තුළ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වශයෙන් ඉතා වටිනා පාරිසරික පරිසර පද්ධතියක් පවතින කලාපයක ස්වභාවික ක්‍රියාවලිය වෙනස් කරමින් විවිධ භූමි පරිහරණ ක්‍රියාවන් ඇති කරන විට එම ප්‍රදේශයේ ජනාවාස වලට, පරිසර පද්ධතියට, සතුනට විශාල බලපෑමක් ඇති කරවයි. එහිදි එම බලපෑම දීර්ඝ හෝ කෙටි කාලින විය හැකි විශාල ප්රතිවිපාකයන්ගෙන් යුක්ත නම් එම භූමි පරිහරණයෙන් ඉවත් වීම හෝ විකල්ප ක්‍රම භාවිතා කළ යුතුය. නොමැතිනම් එම හේතුවෙන් සමස්ථ ප්‍රදේශයේම විශාල අයහපත් ප්රතිවිපාකයන්ට ලක් වේ.
Very Important thing
ReplyDeleteNice
ReplyDelete❤💮
ReplyDelete