කුමාරතුංග මුනිදාසයන්ගේ "දොරට වැඩුම"
කුමාරතුංග මුනිදාස සිංහල සාහිත්‍යයේ අභිවෘර්ධිය සඳහා මහත් දායකත්වයක් සැපයූ සාහිත්‍යකරැවෙකි.ගුරුවරයෙකු, අභ්‍යාසවිද්‍යාලාධිපතිවරයෙකු පාඨශාලා පරික්ෂකවරයෙකු වශයෙන් සේවය කළ මෙතුමා පැරණි පොත පත මූලික කර ගනිමින් සාහිත්‍ය නිර්මාණ අරඹන ලදී.
මෙතුමාගේ නිර්මාණ අතර
ශික්ෂා මාර්ගය
හත්පණ
මගුල් කෑම
හීන්සැරය
පිය සමර
කුමාර ගීය
නැළවිල්ල
කවි ශික්ෂා
විරිත් වැකිය
හෙළ මියැසි කිහිපයකි.
කුමාරතුංග මහතා ළමා කවි නිර්මාණය සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. ළමයින්ට යෝග්‍ය සරල බස, මනාව පෙළ ගැස්වූ වදන් උචිත උපමා භාවිතය, එළිසමය තුළින් ගීත නිර්මාණ ඔප් නංවා ඇත.
මෙහි ඉදිරිපත් කර ඇත්තේ එතුමා විසින් චිත දොරට වැඩුම කාව්‍ය නිර්මාණයයි.ජන කවි රීතිය ඔස්සේ ඔප් නංවා සරල භාෂා භාවිතයෙන් නිර්මාණය කර ඇත.
උදෑසන මැ කිම ඉර අද
කුරැළු ගෙදර මඟුලෙක් වෙද
සුභ මොහොතක් ළඟ යැ නොමඳ
යව රැස් මට පළමු විහිද
මඟුල කිමද එ තැන පැවති
කුරැලු පැටව් දොරට වඩිති
මා එන තෙක් බලා ඉදිති
යමි යමි ඉක්මන් කැරැ යමි
කැදවීමක් එහි ඔබටත්
ලැබුණු සැටියි සුළඟ බලක්
ඔව් ඔව් ඉක්මන් නැතිවත්
වරදි වෙලාව නකත්
සුදෝ සුදු වලාකුළෙ හිනි
ඇයි මේ සිල් ගත්තා වැනි
මඟුලට කළු නොනිසි බැවිනි
එය හැර අපි යමු මේ වෙසසිනි
කුසුමෙනි ඇයි සෙන්නෙ සිනා
නැත්තම මඟුලට නොමනා
පැටවුන් එළියට වඩිනා
සැටි බලමුව අපි දු පිනා
මඟුල් ගෙදර හඩක් ඇසී
විසිතුරැ ඇදුමෙන් සැරසී
ගී ගයවු ද සිනා සිසී
කුරැලු යහළුයවනි එකසී
අපගේ දරැවන් එළියට
වඩනා මේ දවසේ අපට
නැත්තේ නම් මහත් සතුට
ඔබට දඇත්තේ සැබෑවට
කපුටු හාමි නොසිටැ ළඟින්
ඇයි ඉන්නේ අස් වැ මඟින්
ගිනි සැර පිට කරන අඟින්
දඬු කඩ නො පෙනෙද එ දිගින්
අර කූඩුව මැදින් දිනක්
යන්නට කළ නිසා තැනක්
ඒ දඬුව අප දෙදෙනෙකු ලත්
කළ සැටි මට වේය මතක්
හා අර පැටවුන් දෙන්නා
එබී කුඩුවෙන් ඉන්නා
දෙමාපියන් සතු ටින්නා
අසල ගසෙකැ නද දෙන්නා
ඉරඅ දෙවි බබළයි පහන
වලා ඉහළ කෙරෙයි වියන
සුළඟ හමයි සිසිලැඳ ගෙන
මල් සුවදින් පහදයි මන
ගී ගයමින් කුරැළු සෙනඟ
ඉඳිති හාත්පසැ තුරැ අඟ
බලා සිටී පුනු දොර ළඟ
පිටි පසැ උන් මවද සමඟ
නැකත හොදයි කී යැ පියා
මවඉන් ඉදිරියට ගියා
මඟැ හැම වස් දොස් ඇරියා
එක පැටියෙක් හැඹී පියා
පසු වැ පැමිණි සුභ මොහොතින්
දෙ වැනියාද පියා පතින්
වැඩ ගති පැමිණියෙ හිතින්
සිතට සතුට යැවූ නෙතින්
Comments
Post a Comment