කොළඹ යුගයේ දීප්තතිමත් කවියෙකු වූ අල්විස් පෙරේරා අගනුවර තරුන කවි සමාජයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කලේය.ලිහිල් බසින් කවි තැනීම අතර මෙතුමා ප්රමුඛස්ථානයක් ගනී.
මෙතුමා අතින් රචිත මගේ රට නැමැති කවිපෙළින් අපූව ජාතිකාභිමානී හැගීම් ඇති කරවයි. රටේ ස්වාභාවික සෞන්දර්ය වර්නනා කරමින් මගේ රට හරහා අපූර්ව කවි පෙලක් නිමවා ඇත.
පෙර දිග ලෝකයෙ බබලන මුතු ඇටය
පණ ඇති මහා සමුදුර පවුරෙන් වටය
හෙල දිවයින මගෙයි මා ඉපදුණ රටය
ලොව අන් සියලු දිවයින් මේකට යටය
මහවැලි- කැළණි - වලවේ-කළු යන ගංඟා
සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා
බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා
මේවා ගලයි මිණිකැට දිය යට හංගා
උණුසුම සිසිල සහ අතරෙහි සම ගුණය
ඇති අන් රටක් නැත, මගෙරට ඇති තැනය
මුව ,මී ගෝන ඇත් සේනා යුතු වනය
පවසන්නේය මට ඇති ජාතික දනය
අගනා දුලබ වනමල් ගොමු ඇත බැද්දේ
තුරඅ මත කුරැල්ලන්ගේ සුමිහිරි සද්දේ
මීදුම් පටල පෙරවූ නිල් කඳු මැද්දේ
සීතල රිදී දියවැල් පහළට ඇද්දේ
තෝපා, තඹලගම, මිණිපේ, මින්නේරි
මහ වැව්වලින් දියවැල් ඇදෙමින් බේරී
සරැ කරවයි කුඹුරැ නිල් ඇදෙමින් බේරී
මගෙ ලක් මෑණියන්දෑ හරි පින කාරී
අඹ, දඹ පේර වැල වරකා අන්නාසී
රඹුටන්, බෙලි, මොරතුරැ අග රාසී
පලතුරැ ඉදී සුවදින් අමරස පෑසී
ගෙන දෙන්නේය මගෙ ලක්මව වෙත ආසී
සැපසේ වැඩුණු නව දලු යුතු තුරැ වැල්ය
මී මැසි බමර මිණි මැද වැජබෙන මල්ය
බැලු බැලු පසින් හැම පැත්තෙන් ගණ නිල්ය
පස් පියුමෙන් පිරී බබලන දිය විල්ය
අවුකන ගල් වෙහෙර ඇත මහ පිළිම තැනූ
සූකිරි වගෙයි පුතතලමේ මිදුනු ලුණු
සිගිරි ගලේ සිතුවම් ලොව පුදුම වුණු
ආඩම්බරයි ලෝවා මහ පහයෙ කණු
වළවේ දෙනුන්හට කිරි හැම දිනම එරේ
වන්නියෙ බැඳෙන මී වදපැණි බිමට පෙරේ
මුතුපර තිබේ සමුදුර රැළි අතර තුරේ
පොළොවේ මැනික් උපදිනවා රත්න පුරේ
රුහුණේ කුඹුරැ සරැ සාරයි එක හීයයි
මින්නේරියේ ජනපදයයි වෙල් යායයි
රජරට පලාතේ පමණක් වැව් සීයයි
මේවා බලන්නට මෙන් ඉර හඳ පායයි
නටඹුන් අතර අනුරාපුර පොළොන් නරු
පේරාදෙන්ය හග්ගල මල් උයන් සරු
දුන්හිඳ වගේ මහ ඇලි දිය කඳන් පිරු
මැද මහනුවර දලදා හිමි සඳුන් ගරු
හරියට නියම කාලය තුළ වහින වැහී
නව තඹ පාට වැල්ලක් හැම තැනම දිසී
දිවයින මගේ මුළු ලෝකය කරන වසී
දණ බිම ඔබා නිතරම නැමදුමට නිතී
පී.බී අල්විස් මහතා
Comments
Post a Comment