ලියනාඩෝ ඩාවින්චි
ලියනාඩෝ ඩාවින්ලිචි ඉතාලියේ සම්භාව්‍ය පුබුදු යුගයේ බිහිවු කලාකරැවෙකි. මොහු 16 වන සියවස තුළ විසූ ශ්‍රේෂ්ඨ ශිල්පියෙක් වූවා පමනක් නොව නවතම මත ඉදිරිපත් කිරීමේ හා ප්‍රකාශ කිරීමේ පුරෝගාමියෙක්ද විය. ලියනාඩෝ ඉතා කාර්යබහුල පුද්ගලයෙකු නිසා චිත්‍ර කලාව කෙරෙහි වැඩි කාලයක් ගත කිරීමට ඔහුට නොහැකි විය. යුගයේ වෙනත් ශිල්පීන් සමඟ සසඳන විට මොහු අතින් නිම වූ නිර්මාණ අතලොස්සකි. සංඛ්‍යාව කුඩා වුවද ඒ තුළින් සම්භාව්‍ය පුණර්ජීවන යුගයේ ප්‍රතිභාපූර්න ශිල්පියෙතු ලෙස කිරැළු පැලදීමට සමත් විය.
ලියනාඩෝලග් නිර්මාණ අතර " පර්වත මස්තකයේ දේව මෑණියෝ " (The virgin of the rocks) "මොනාලිසා" (Monaliza) "අවසාන භෝජන සංග්‍රහය" ( The last Supper) විශ්ව කීර්තියට පත් නිර්මාණයෝ වෙති.
"පර්වත මස්තකයේ දේව මෑණියෝ" චිත්‍රය ලියනාඩෝගේ පුතිභාවේ මහිමය පිළිබිඹු කරන කදිම නිදසුනකි. ඉතා මුදු මොලොක් සුරතල් බවින් යුතු ළමා රෑ ඇදීමේ හැකියාව මෙන්ම ප්‍රසන්න සුකොමල අඟපසගින් යුතු කාන්තා රෑ ඇදීමේ හැකියාව ද ඩාවින්චි උපතින්ම ලද කුසලතාවෝ වෙති. ගල් පර්වතයකින් යුත් කඳුකර පරිසරය චිත්‍රයට ගැඹුරැ පරිසරයක් මවයි. විශේෂයෙන් මානව රෑප වලට දැඩි ආලෝකයක් යොදා තිබීම ඩාවින්චි තමාටම ආවේනික වූ යම් විශේෂත ක්‍රමයක ප්‍රකාශ කිරීමකි.
ඔහුගේ මොනාලිසා චිත්‍රය මහත් ජනප්‍රසාදයට පත් වූ සම්භාව්‍ය කලා කෘතියක් ලෙස සදා අනුස්මරණීය කාව්‍යමය හැඟීම් දනවන සර්ව කාලීන කලා කෘතියනි.මෙය රසිකයගේ හා විචාරකයන්ගේ විවිධ මතවාදයන්ට ලක් වූ චිත්‍රයක් වේ.මොනාලිසා යනු කාන්තාවක් පිළිබඳව තාත්වික ප්‍රකාශනයක යෙදෙමින් භාවමය පරිකල්පනය හා ශිල්පීය තාත්වික ප්‍රකාශනයක යෙදෙමින් භාවමය පරිකල්පනය හා ශිල්පීය ක්‍රම බභාවිතයෙන් කළ දෘශ්‍ය ප්‍රකාශනයකි. ඒ තුළ දක්නට ලැබෙන්නේ මොනාලිසා පිළිබඳව චරිත ප්‍රකාශනයකට වඩා ඩාවින්චිගේ කුසලතා ප්‍රකාශනයකි. සැබැවින්ම මෙයින් ප්‍රකාශ වන්නේ ප්ලොරන්ස් හී විසූ ප්‍රැන්සිස්කෝ ජියෝ කොණ්ඩාගේ තෙවන බිරිඳගේ උඩුකය පිළිරැවයි.ඇගේ ගුප්ත මද සිනහවත් වතෙහි ඇති චිත්‍රීය ලක්ෂණයත් විචාරක සැලකිල්ලට ලක් වෙයි. පුළුල් නළල, ලෝම රහිත ඇහිබැම සිතුවමේ විශේෂත්වයකි. මුහුණ ගෙල සහ අත් දෙකට වැඩි ආලෝකයක් යොදා ඇත.පසුබිමේ ඇතට විහිදී යන මායා රෑපී දර්ශනය චිත්‍රයට අලංකාරයක් එක් කරයි.
"අවසාන රාත්‍රි භෝජන සංග්‍රහය" ඔහුගේ අනෙක් නිර්මාණ යයි.මිලානයේ "ශාන්ත මරියා ඩෙලා ග්‍රෙසි" නැමැති ඩොමිනියානු තාපසාරාමයක භෝජනාගාරයේ බිත්තියක මෙය සිතුවම් කොට ඇත.මෙම සිතුවමින් නිරෑපණයවන්නේ ක්‍රිස්තුස් වහන්සේ තම අනුගාමිකයන් සමඟ අවසාන රාත්‍රි භෝජන සංග්‍රහයට සහභාගිවුණු අවස්ථාවයි.චිත්‍රය පුරි සමමිතිකව විහිදී යන පර්යාලෝක රේ්‍ඛා රටාවක් චිත්‍රයේ සතර දිශාවේ සිට මධ්‍ය ගත වනුයේ උන්වහන්සේගේ හිස කේන්ද්‍ර කොට ගෙනය.
ඩාවින්චිගේ නිර්මාණ අතර මැඩෝනා චිත්‍රකිහිපයක් දක්නට ලැබෙි. "කානේෂන් මල" නම් වූ චිත්‍රය මේ අතරින් අඟනා නිර්මානයකි." මුගටියෙකු සමඟ සිටින කාන්තාව" මොහුගේ තවත් අඟනා නිර්මාණයකි.
ලියනාඩො ඩාවින්චි එකල යුගයේ විසූ අති විශිෂ්ඨ නිර්මාන කරඅවෙකු ලෙස මේ අනුව හැදින්විය හැක.
Comments
Post a Comment