මෙතුමාගේ ගීත කලාවේ පවතින මෙතුමාට ආවේනික ගීත නිර්මාන ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමු කරන විට මෙතුමා අතින් නිමැවූ ගීත රැසක් පවතී.ඒ අතර,
හිතුවක්කාරයි නුඹනම් සොදුර........
ඔබ ඇපල් මලක් වාගේ..........
පෑදි දියේ ඔබෙ නිර්මල හදවත.........
සමාවෙලා මට කියන්නන.........
හෙවනැල්ලටවත් පාඩුවෙ ඉන්නට......වැනි ගීත ලාංකික ගීත කලාව ආක්‍රමණය කළ ගීත නිර්මාණ වේ.
මෙතුමාගේ ගීත රචනා වල ලක්ෂණ පිළිබඳවව අවධානය යොමු කරන විට මෙතුමා තෝරාගත් ගීත නිර්මානවල තේමා විවිධත්වයක් සහිත බව හඳුනාගත හැක.
- ප්‍රේමය
- මාපිය සෙනෙහස
- දේශප්‍රේමී හැගීම්
- විවාහ දිවියේ සුන්දරත්වය
- විවාහ දිවියේ කටුකත්වය
- මහලු විය මෙතුමාගේ ගීත රචනා සඳහා ප්‍රධාන තේමා බවට පත් විය.
මෙතුමාගේ ගීත තුළ නිනිර්මාණශීලී අමුතු ආරයක ගීතාත්මක පද ගැලපීමකින් යුතු නම්‍යශීලී නැවුම් වචන භාවිතයක් කර ඇති බව හදුනාගත හැක.
- ඔබ ඇපල් මලක් වාගේ....
- ලස්සන නිලියේ.......
- සඳ සාක්කි කියාපුදෙන්...... නිදසුන්ය.
එසේම භාෂා භාවිතයේදී කාලීන බවක් සහිතව යෙදීම
ආශා දහසක් පොදි බැද..........
- මතකද ඒ පිස්සු නටපු කාලේ
- තරැණ විසේ රහට විදපු කාලේ
- ආදරේට පිස්සු වැටුනු කාලේ
සද සාක්කි කියාපුදෙන්........
- පැල් බැදගෙන හිනාවෙන්න
- විහිලු කොලොප්පං
- හිතුමතේට එහෙට මෙහෙට වැනෙන
තනු සඳහා ගී නිර්මාණය කිරීමටද මෙතුමා සමත් වී ඇත. ඒවා නම්
- කණාමැදිරි එළි දිලෙනා කරැවලේ......
- ලස්සන නිලියේ නුඹ රගනව දැන කරලියේ......
- සඳ සාක්කි කියාපුදෙන්.........ඒ අතර කිහිපයකි.
එසේම සමාජයේ ප්‍රචලිත අවස්ථාවන් ගීතයේ ගොනු කිරීමද මේ අතර හදුනාගත හැක.
ආශා දහසක් පදි බැඳ
- ගිහින් කටු ගාලක රැ පැටලී ඉර පානෙත් යලි පැටලී
හිතුවක්කාරයි නුඔ නම් සොදුර
- සරැංගලේ ලස්සන දිස්වන්නේ උඩුගුවනේ විතරයි.
- නූල ගැස්සුනොත් හදිස්සියේ හරි ඒ ලස්සන ඉවරයි.
හෙවනැල්ලටවත් පාඩුවෙ ඉන්නට.....
- ගඟුලකට ඉනි කැපුව ගානයි
- විහිළු කොළොප්පං දුර දිග ගියොතින් ඇස් රතු වෙනවාමයි.
- මිදි වැලට රැවටිච්ච ගානයි.
කනාමැදිරි එළි දිලෙනා ගීතයේ
- අර නැටුම් මේ නැටුම් බත ඉදෙනකම් විතරයි.
එසේම ගීතයේ අද්දැකීම පරිසරය තුළින් පෝෂණය කිරීමද එතුමාගේ ගී පද රචනාවල බහුලව දැක ගත හැක.
ආශා දහසක්.....
- සුසුමු හෙලලා සුලං අතට හරවන්නකෝ පුළුුං රඅල්ලක් වගේ පාවයයිචංචල වී හැගුම් රැයක් ගානේ.....
දේදුන්න කියන මායාවද ලුහු බැන්දේ
මිරිගුවමද හැමදාම ඇස්බැංදුම් කෙරැවේ
හිතුවක්කාරයි නුඹනම් සොදුර....
- හිතුවක්කාරයි නුඹනම් සොදුර මහ වැස්සක් වාගේමුතු කැට වැස්සක් වාගේ වේනම් සොදුරැයි මේ දීගේ
පෑදි දියේ ඔබෙ නිර්මල හදවත විනිවිද දකින්නම්
සරත් සදේ රැයක
දුහුල් මලක මල් පෙත්තක
සඳ සාක්කි කියාපුදෙන්
වාචික භාෂාව භාවිතය මෙතුමා මෙතුමාගේ ගීත රචනා තල යොදා ඇත.ඒවානම්හ
දුහුල් මලක මල් පෙත්තක
- හම්බ උනාදැයි කියලා ලියල එවන්න
හෙවනැල්ලටවත් පාඩුවෙ ඉන්නට
- මගෙ හිත දෙන්නේ නෑ නෑ නෑ මයි
කණාමැදිරි එළි ගීතයේ
- එපා වෙන්නෙ නැ ඕවට මං
- එපා වෙන්නෙ නම් නැහැ මට නම්
හිතුවක්කාරයි නුඹනම් සොදුර
- බලහත්කාරෙන් ඉන්නට බැ මට වාවාගෙන දීගේ
සමාවෙලා මට කියන්න
- එපාවෙලා වගේ ඉන්නෙ තරහ ගිහින්ද
- සත්තකින්ම පෙම් කරන්න දන්නෙම නැද්ද
මේ අනුව ඔහුගේ ගීත රචනා තුළ ඔහුටම ආවේනික වු ගී පද රචනි සැකැස්මක් හදුනාගත හැකිවේ.
Comments
Post a Comment