ලී කැටයම් අතර ඇම්බැක්කේ දේවාලයට හිමි වන්නේ විශේෂිත ස්තානයකි.ජනප්‍රවාද අනුව ඇම්බැක්ක දේවාලය නිර්මාණය වූ බව සඳහන් වේ. ක්‍රි. ව 14 වන සියවසේ තුන්වන වික්‍රමභාහු රජු සමයේ මෙම දේවාලය ඉදිකරනු ලැබීය.මහනුවර දිස්ත්‍රීක්කයේ උඩුනුවර ප්‍රදේශයේ මෙය පිහිටයි.කතරගම දෙවියන් උදෙසා නිර්මානය කරන ලද්දකි.මෙහි සුවිශේෂි බව නම් ලී කැටයම් සහ එහි වහලේ ඇති විශේෂත්වයයි. ගම්මාලු හා පිහිබියා දැවෙන් නිර්මාණය කළ මෙම අඟනා සියුම් කැටයම් හී නිර්මානශිල්පියා වන්නේ දෙල්ගොඩ මූලාචාරය.
මෙම කැටයම් සියල්ල අල්ප උන්නතව නෙලා තිබේ. වාහල්කඩ මන්ඩපය, දිග්ගෙය ලී කණු , භාල්ක , යට ලී සහ පේකඩ යනස්ථාන සියල්ලෙහිම කැටයම් නිර්මිතය. එවක සමාජයේ ජන ජීවිතය ජන සංස්කෘතිය විදහා දැක්වෙන මෙම කැටයම් ලංකාවේ ලී කැටයම් අතුරින් සුවිශේෂි බවක් හිමිකර ගනී.දිග් ගෙයි කනු 32කි. මේවාහ සතර දිසාවෙන් පනේල 4 බැගින් නිර්මානය වී තිබේ.එම පනේල මධ්‍යයේ කැටයම් නිර්මාණය විය. එසේම ප්‍රධාන කැටයමට අමතරව පනේල වටේටද අරිම්බුව , ගල් බින්දුව, පනාව, කුන්දිරික්කම්, වැනි සම්ප්‍රදායික සැරසිලි යොදා තිබේ.මෙවැනි පනේල කැටයම් 128කි. වාහල්කඩ මණ්ඩපයද කණු 10 ක් වන අතර එහිද කැටයම් 40කි. ලියවැල් කැටයම් 236කි. නෙළුම් මල් 64කි. කණුවල ඉහළින් පිහිටි පේකඩ වල යට පැත්තෙහි අලංකාර බිනර මල් මෝස්තරය.
ඇම්බැක්කෙ දේවාලයේ කැටයම් වර්ග
ජන ජීවිතය සම්බන්ද කැටයම්
- නලඟන
- දරැවාට කිරිදෙන මව
- රබන් වයන්නා
- හේවායා- විදේශීය
- හේවායා- දේශීය
- යෝගියා
- අශ්ව රෝහකයා
- මල්ලවපොරය
කල්පිත කැටයම්
- ගජ සිංහ,
- බේරැන්ඩ පක්ෂය
- කිදුරැ රැව
- හංස පූට්ටුව
- නාරි ලතා
- කිදුර
- සැරපෙන්දා
- වෘෂභ කුඤ්ජරය
- ඇතාට පහරාදන සිංහයා
- කිබිහි මූන
- ඇත්කද ලිහිනියා
මඩොල් කුරැපාව
වහලෙහි සුවිශේෂී අංගය වන්නේ මඩොල් කුරැපාවයි. එක් ලී ඇනයකට පරාල 26ක් සම්බන්ද කරමින් වහල නිර්මාණය කර ඇති අතර කලා කරැවාගේ ගෘහ නිර්මාන ශිල්පයේ අපූරැ හැකියාව මෙයින් පෙන්නුම් කරයි.
Comments
Post a Comment