දෑතේ කරගැට සිඹ සනසනනට
ළා ගොයම් දලු පවන් සලයි.
දහදිය මුතුකැට මල් වරැසා වී
කරල් බරින් පීදී වැගිරෙයි.
අඩසඳ මෝරන මැදියම් අහසි
බිළිඳු හදට කිරි දියර ගලයි.
දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල
යලි ඉපිදී ඇති ලක් දෙරණේ
සත් රැවනින් නව නිදහන් මතු වී
පුතුගෙ සිනාවෙහි ඔප වැටුණේ
දෑසේ කඳුළැලි පිසදා බලනෙමි
හෙට හිරැ එළියට වඩින දිනේ
නය නැතිබිය නැති නිවහල් යුගයක
පුංචි පුතා රජ කරනු පෙනේ
මා ගත වෙහෙසට ආදරයෙන් දිය
උල්පත පාදන පුංචි පුතුන්
ඒ ගත වෙහෙස ම සතුටක් වෙයි මට
ඔබ සිහිවන විට පුංචි පුතුන්
දෙදහස් පන්සිය වසරක් තිස්සේ
මා දුටු සිහිනය පුංචි පුතුන්ඔ
ඔබ හට ලෝකය ඉදිකර දී මිස
යා නොහැකීයි මට පුංචි පුතුන්
මහගම සේකර (නොපළ ගීය)
Comments
Post a Comment