ඉසුරැමුනි පෙම් යුවල
අනුරාධපුර ඉසුරැමුනි විහාරයේ ඇති කැටයම් දේශීය අතීත කලා නිර්මානයන්හී ඇති විශිෂ්ට බාවය මනාව කියා පායි.
- ඉසුරැමුනියේ පෙම් යුවල
- මිනිසා සහ අශ්ව හිස
- ඇත්රෑප කැටයම්
- ඉසුරැමුනියේ රජ පවුල ඒ අතර වේ.
මෙහිදී ඉසුරැමුනියේ පෙම් යුවල වඩාත් ජනප්‍රියත්වයට පත් වූ කලා නිර්මානයකි.මේ තුලින් එම කලා නිර්මාණය ගැන අවධානයට යොමු කරමු.
ඉසුරැමුනියේ ගල් පුවරැවක දක්නට ලැබෙන මෙම පෙම් යුවල සිංහල ශිල්පියාගේ කලා කෞශල්‍යය විදහා පාන්නකි.අනුරාධපුර යුගයට අයත් තිසා වැව අසල රන්මසු උයනට අයත් තිසා වැව අසල රන්මසු උයනට දකුනු පැත්තෙන් පිහිටි විහාරායහි මෙම කැටයම් නිර්මාණය කර ඇත. ක්‍රිස්තු වර්ශ පස් වන සියවසට අයත්ය. දෙවන පෑතිස් රජු දවස කරවූ බව කියැවේ. ගුප්ත යුගයට අයත් බව සඳහන් වේ.
පැතලි ගල් පුවරැවක අර්ධ උන්නතාකාරව නෙලන ලද්දකි.දිගින් අඩි තුනයි අඟල් එකකි. පළල අඩි දෙකයි අඟල් තුනකි. ජීවමාන ගතිය කදිමට පැහැදිලි කරන අතර කාන්තාව තුලින් නාරි ලාලිත්‍යයත් ලැජ්ජාවත් සමඟින් මතුවන සතුට එකට කැටි කොට පෙන්වීමට ඉසුරැමුනි කැටයම් ශිල්පියා සමත් වී ඇත. පිරිමි රෑපයෙන් හැඩි දැඩි බවත් සතුටත් පෙන්වයි.මේ රෑප දෙකෙහි ඇති මුද්‍රා හෙවත් හිස, අත, ඇස පිහිටුවා ඇති විලාශයන් පිලිබඳ ඇති අදහස්.
පිරිමි රෑපය
හිස-(නිහංචිත මුද්‍රාව)-තරැණිය කෙරේ ආදරය දක්වන බව සහ සතුටුවන බව
දකුනු අත-(මධුර මුද්‍රාව)- තරැණිය නිසා ආඩම්බර වන බව
ගැහැණු රෑපය
හිස-( අංචිත මුද්‍රාව)- ආදරයෙන් සිටින බව
දකුණු අත-( ත්‍රිපාතක මුද්‍රාව)- ස්ත්‍රී පුරැෂ වාසයට කැමති බව
ඇස්-( නිමිලිත මුද්‍රාව).මා ඔබගේය යන හැගීම
මෙම කැටයම පිළිබඳ විචාරක මත කීපයක් පවතී.ඒවා නම් ශිව පාර්වතී බව,සිදුහත් හා යශෝදරා බව,සාලිය හා අශෝකමාලා බව
කෙසේ වෙතත් ලංකාවේ මෙතෙක් හමුවූ කලා නිර්මාන අතර අග්‍ර්‍ය ගන්‍ය නිර්මානයක් ගලස මෙය සැලකේ.
Comments
Post a Comment