ක්‍රි. පූ 285 සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩමකල සූවිසි වැදෑරැම් ශිල්පීන් රැගෙන එන ලදී. මොවුන් අතර ලාක්ෂා කාර්මිකයින් සිටි බව සනාත වේ. හෙළ රජ දරැවන් ලාක්ෂා කර්මාන්තය සඳහා විශේෂ අනුග්‍රහයක් දක්වන ලදී. මෙම කාර්මිකයන් වෙනුවෙන් හංගිඩි වසම නමින් ප්‍රදේශයක් වෙන්කරබඒ සඳහා මුහන්දිරම් කෙනෙක් පත් කරන ලදී. ලාක්ෂා කාර්මිකයන්ඊ වඩුවන් නමින් නම් කෙරැණි.
ලාක්ෂා සකස්කරගන්නා අයුරැ
ලාක්ෂා කෘමීන් වාසය කරන කොන, කැප්පෙටියා, තලකිරියා, පිහිඹියා ,මසන්, හිඟුරඅ යන ආදී ශාකවල මෙම කෘමීන් වැඩිපුර බෝවේ. මෙම කෘමීන්ගේ ශරීරයෙන් පිටවන ලාටු වැනි ද්‍රව්‍ය අතුරිකිලිවල තැන්පත් වේ. එම අතු රිකිලි කපා වනේ දමා කොටා සිහින්ව කුඩුකර ගනී. නැවත ඒවා රෙදි පොට්ටනියක දමා ලිපට ඉහළින් එල්ලා රත් කරන විට ලාකඩ කෙදි මෙන් පහළට වැක් කෙරේ.ඒවා කූරක ආදාරයෙන් ඔතාගෙන අවශ්‍ය විට රත්කර නැවත ලබා ගනී.
ලාංකික ලාක්ෂා කාර්මිකයන් අතින් නිපඳවන ලාක්ෂා වර්ග දෙකකි.
- කෝන් හා කැප්පෙටියා, හිගුරැ ආදී ශාක වලින් නිශ්පාදිත ලාක්ෂා
- තලකිරියා (මේවා දීප්තිමත් වර්ණයෙන් ඇත.)
වර්ණ යොදන අයුරැරත්කරගත් ලාක්ෂා සඳහා වර්ණ කුඩු හෝ දියර දමා හොඳින් මිශ්‍ර කර ගනී.
වර්ණ සකස්කරගන්නා අයුරැ
රතු- සාදිලිංගම්
කහ- හිරිගල්
නිල්- අවරියකොළ
කළු- කැකුණ දැලි/ පහන් දැලි
සුදු- මකුළු මැටි
භාණ්ඩඅලංකරන ශිල්පීය ක්‍රම
- පට්ටල් ආදාරයෙන්
- නියපොතු වැඩ
පට්ටල් ආදාරයෙන්
ලියවන පට්ටලයක් ආදාරයෙන් භාණ්ඩය එයට සවි කොට වර්ණ ගැන්වූ ලාක්ෂා කැබලි භාණ්ඩය මත තබා අතින් අල්ලා තදකර පට්ටලය තඳ කරයි.එවිට අවශ්‍ය වර්ණ තවරා ගත හැකිය. මෙය පට්ටල් ක්‍රමය නමින් හදුන්වයි.ඉන්පසුව පොල්තෙල් තැනරෑ රෙදි කැබැල්ලක් භාණ්ඩයේ ඇතිල්ලීමෙන් මතුපිට දීප්තිය රැක ගත හැකිය. ඉන්පසු සැරසිලි යෙදීමට භාණ්ඩයෙ මුලින් ආලේපකර වර්ණ මතුවන සේ කැටයම් කටුවලින් සූරා සැරසිලි යොදා ගනී.
නියපොතු වැඩ
නියපොතු ආදාරායන් දැව භාණ්ඩ අලංකාරය කිරීමේදී වර්ණ ගන්වන ලද ලාක්ෂා කැබලි ගිනියම් කරන ලද ගල් අගුරැ භාජනයක නියපොතු දෙකෙන් එකවර ලක් කිරීමෙන් ලාක්ෂා නූල් සකසා ගනී. එසේ සිහින්ව සකසා ගත් ලාක්ෂා නූල් ලාක්ෂා ආලේප කළ භාණ්ඩය ගින්නට අල්ලා රත් කරමින් ඒ මත තබා අවශ්‍ය සැරසිල්ලේ හැඩය නිර්මාණය කර නියපොත්තෙන් ඉතිරි නූල් ඇදීමෙන් සැරසිල යොදා ගනී. ඊට පසු මදක් රත් කළ පුස්කොලයකින් භාණ්ඩය මැද ඔප මට්ටම් කර ගනී.
ලාක්ෂා කර්මාන්තය සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශ
- මාතලේ- හපුවිද
- මහනුවර- හුරිකඩුව
- තංගල්ලෙ-අඟුල්මඩුව
- බලංගොඩ- පල්ලෙකන්ද
මේ ලාක්ෂා නිර්මාන සඳහා යොදන සැරසිලි
- සුලි වැල
- තනිපොට ලණුව
- දෙපොට ලණුව
- හවඩිය
- බෝපත්
- පතුරැ
- දිය රැළි
ලාක්ෂා මඟින් අලංකාරවත් වන භාණ්ඩ
බුලත් හෙප්පු
කුඩ
සේසත්
වටහපත් නිධි
බීරළු
උඩැක්කි කඳ
Comments
Post a Comment