අතීතයේ සිතුවම් සඳහා වර්ණ සකසාගත් අයුරැ
- නිල් පාට-අවරිය පැලයෙන්( පැලෑටි) ලබාගෙන ඇත.
- නිල් පාට- අවරිය පැලයෙන්(පැලෑටි) ලබාගෙන ඇත.
- කහ පාට- ගොකටු ගසින් ලබාගෙන ඇත
- රතු පාට- සාදිලිංගම් අඹරා ලබාගෙන ඇත.
- සුදු පාට- (ඕදාත ධවල ක්ක්ෂීර ස්වේත හෙල) මකුළු මැටියෙන් ලබාගෙන ඇත.
- කළු පාට- පහන් දැලි භාවිතා කර ඇත.
- තෙළි තණ-පැරණි ශිල්පීන් කුඩා පින්සල් සාදා ගැනීමට භාවිතා කර ඇත.
- විශා පින්සල් සාදා ගත්තේ වැටකෙයා මුල් නුග ආදී ගස්වල කොටස් වලිනි.මීට අමතරව සතුන්ගේ ලෝම මගින්ද පින්සල් සාදාගෙන ඇත.
- දොරණ තෙල්- පැරණි චිත්ර ශිල්පීන් දේශීය වර්ණ මිශ්ර කිරීමට යොදාගෙන ඇත.
- ලින්සිට් ඔයිල්- තෙල් සායම් මිශ්ර කිරීම සඳහා භාවිතා කරන ලද.
- වලිච්චි ගෑම- (වයිති) වර්ණ බොහෝ නොවෙනස්ව තබා ගැනීම සඳහා චිත්ර මත ආලේප කරන වාර්නිස් වැනි ආලේපයකි.
- මොනෝ ක්රෝම්- එකම වර්ණයක ප්රභේද වලින් පමණක් අදින චිත්ර මේ නමින් හැදින්වේ.ඒක වර්ණක චිත්ර නමින් මේවා වැදින්වේ.
- පොලික්රොම්- වර්ණ දෙකක් හෝ වැඩි ප්රමාණයක් භාවිතා කරඅදින චිත්ර මේ නමින් හැදින්වේ.(බහු වර්ණ චිත්ර)
(තිලකරත්න දිගන්වෙල මහතාගේ ලංකා චිත්ර කලා ඉතිහාසය නම් කෘතියෙන් උපුටා ගන්නා ලදී)
Comments
Post a Comment