Skip to main content

Posts

Showing posts from July, 2021

මවගෙන් පුතුට

ඇවිද යන්නට තණ නිල්ල දිග දග කරන්නට සිතු සිතූ තැන එපා පොඩි පුත දුරට යන්නට රකුසු වෙස්ගත් මිනිස්සුන් ඇත නුඹව බිල්ලට ගන්න මගෙ පුත අයිතියක් නැත අපට මේ ලොව ඇත්තෙ එය මිනිසාටමයි අද ඒ නිසා මගෙ පුංචි පුත නුඹ  නොරැවටෙනු  බොරැවකී ලොව අද මිනිසෙකුම මිනිසා තලන කල තිරිසනුන් වී ඉපදි අප හට  මිනිසාම සලකයිද මගෙ පුත ඒ නිසා නොරැවටෙන්න මගෙ පුත 

තනිවූ මවකගේ පසුතැවීම

ඇකයේ හොවා හැදුවා මගෙ පන            දරැවෝ අඩුවක් නොකර නොතලා හැදුවා            දරැවෝ සිප් සතරින් ජය ගත් මගෙ රජ                 දරැවෝ දෙන්නට බැරි වීය ගුනදම් මට                  දරැවෝ එහෙයින තනිව තැවෙමියි අද නැත           දරැවෝ