Skip to main content

Posts

Showing posts from April, 2021

සිත රැදි ඡායා රූ⁣⁣

 

ඉන්ටවල්

කැදලි වන්නට මවන සිහිනය සැබෑවක් වී පෝරුව  මත දෑඟිලි බැඳ අහස උසට සිහින මවන තරුණියක, සැබෑවූ ඒ සිහිනයේ දිනයක, ගැහැනියක් ලෙස,  පා තබන්නේ නව කැදැල්ලට නිදහස් ප්‍රේමයේ කැදැල්ලක් ගෙත්තම් කරන්නය... පා තැබූ විට නව කැදැල්ලට පිරී ගොස් නෑ සමූහය.  ඇයට නම් සතුට උතුරා කම්මුල් පුපුරවා ගෙන ගිය අපූරැව,  සමූහය නම් ඈ ගැන කතාවමය.   නොරැවටෙනු! තවම රංගනය ඉවර නැත. නොදනී ඈ දාසියක් වූ බව බත උයන.  එහෙයින් කුස්සිය සැදී ඇත ඇයට තෑග්ගක් ලෙස, නමුත් ඈ නොදනීද? එය නොබෝ දිනකින් ඇඟ හැඩකල සාරි පොට ඇඟේ හැඩට නොව වැඩේ හැටියට වෙනස්කල යුතුව ඇත. එතෙක් රැඳී  සිටින්න! ගතවෙමින් ටිකෙන් ටික නොඑන්නටම පුන් සඳක් පැමිණියා  අමාවක නමුත් එයනම් සඳාකල් ඕනැමනම් වැඩකරල මහන්සියට පොඩි වෙලාවක් කුස්සියේ මුල්ලේ බංකුව   ලෑස්තිය "ඉන්ටවල්" දෙන්නට හරිම චුට්ටක්.

වසන්තයට පෙර...